April 23, 2024

මීළඟ ජනපති අපේක්ෂකයාට සජිත් පිලෙන් ජන පවුරක්

2024 වසරේ මේ රටේ ජනාධිපතිවරණයට තරග කිරීම සදහා තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම සදහා තම පක්ෂය මේ වන විට රටේ ජනතාව දැනුවත් කර පෙලගස්සවමින් යන බව සමගි ජන බලවේගයේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසිය.

බැදුම්කර වංචාවට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුටත් මේ රටේ ජනතාව බලයට ඒමට ජන්දය ලබානොදුන් බවද චමින්ද විජේසිරි මහතා පැවසිය.

චමින්ද විජේසිරි මහතා ඒ බැව් කියා සිටියේ පාස්කු ප්‍රහාරය සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිලිබදව නාවලපිටිය ප්‍රදේශයේ සමගි ජනබලවේගයේ සාමාජිකයන් දැනුවත් කිරිම සදහා ඊයේ (21) දින නාවලපිටිය නගරයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කල ජනාධිපති කොමිසමේ කොමිෂන් වාර්තාව මේ රටේ කිසිවෙකුට පිලිගත නොහැකි බවද චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා පැවසිය.

Rate this item
(5 votes)
Last modified on Monday, 22 March 2021 12:19