April 24, 2024

මාරාන්තික අනතුරට ලක් වූ බස් රථය මාර්ග නීති කඩමින් ගිය හැටි දුරකථන කැමරාවක සටහන් වෙයි (VIDEO)

පස්සර 13 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී ගිය මාර්ගස්ථ අංක 99 දරණ ලුණුගල - කොළඹ බස් රථය මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය වන ආකාරය තරුණයෙකුගේ දුරකථන කැමරාවක සටහන් ව තිබේ.

අනතුර වූ ඊයේ (20) දිනයට පෙර දවසේ (19) දිනයේ දී මෙම ලුණුගල - කොළඹ බස් රථය බණ්ඩාරවෙල බිදුනු වැව ප්‍රදේශයේ ගමන් ගන්නා ආකාරය මෙලෙස තරුණයෙකුගේ දුරකථන කැමරාවේ සටහන්ව තිබූ අතර එම බස් රථය කිසිදු මාර්ග නීතියකට අවනතව ධාවනය නොවන ආකාරය එහිදී දැක ගත හැකි විය.

එම අවස්ථාවේ දර්ශන ෆේස්බුක් සමාජ ජාලයට යොමු කරමින් එය පටිගත කරන ලද තරුණයා විසින් සිය ෆේස්බුක් ගිනුමේ සටහන් කර තිබුණේ “අද (20) දින අනතුරට මුහුණ දුන් බස් රථය ඊයේ (19) උදේ 8.48 බිදුනුවැව බණ්ඩාරවෙල ගමන්ගත් ආකාරය කිසිම මාර්ග නිතියක් පිලිනොපැද ධාවනය කරන ආකාරය.කිසිම නිතියක් පිලිනොගෙන සල්ලි සල්ලි කියමින් මිනිස් ජිවිත සමග කරන මෙම සෙල්ලම නතර කරන්න නිති එන්නේ කවදදා. මිනිස්සුන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරිමෙිදි මිට වඩා විනයවත් විදිහට රටෙි නිති වෙනස්වෙන්නේ කවදදා” යනුවෙනි.

මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස පුද්ගලයින් 14 දෙනෙකුට දිවි අහිමි වූ අතර තවත් 32කට දැඩි තුවාල සිද්ධ වී තිබුණි.

තරුණයා විසින් පළ කර තිබූ වීඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(9 votes)