April 19, 2024

මාරාන්තික අනතුරට පත් බස් රථයේ රියදුරු බීමත්ව සිටියාද? - පොලිස් පරික්ෂණ ඇරඹෙයි

පස්සර 13 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළි මාරක අනතුරකට පත් මාර්ගස්ථ අංක 99 ලුණුගල - කොළඹ දරන බස් රථයේ රියදුරු එම අවස්ථාවේ බීමත්ව සිටියාද යන්න පිළිබඳව සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

මේ වන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බස් රථ රියදුරුගේ රුධිර සහ මුත්‍රා සාම්පල ලබාගෙන ඇති බව වාර්තා වන අතර ඔහු කිසියම් මත් ද්‍රව්‍යයක් හෝ මත්පැන් ලබාගෙන තිබුණේ ද යන්න මෙහිදී පරික්ෂා කිරීමට නියමිතය.

ඊයේ (20) දිනයේ දී සිදු වූ මෙම අනතුරින් බස් රථයේ රියදුරු මිය ගිය බවට මුලික වාර්තාවලින් පැවසුවත් පසුව ඔහු ආසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවට තහවුරු විය.

වසර එක හමාරක් තුළ වාර්තා වූ මාරාන්තික රිය අනතුර මෙය වන අතර එයින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තවත් 32ක් තුවාල ලැබීය.

Rate this item
(1 Vote)