April 25, 2024

පස්සර මාරක බස් අනතුර: ටිපර් රථ රියදුරු අත්අඩංගුවට Featured

ඊයේ (20) උදෑසන පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු ඊයේ රාත්‍රියේ පස්සර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ටිපර් රථයේ රියදුරු 45 හැවිරිදි තැනැත්තෙකු වන බව පොලීසිය පැවසීය.

ඊයේ උදෑසන ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 250 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුවුණි.

ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී බස් රථයේ ඉදිරිපස රෝදය මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑම නිසා බසය ප්‍රපාතයට පෙරළී ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 32කට තුවාල සිදුවිය.

Rate this item
(1 Vote)