March 29, 2024

විජේදාසගෙන් ආණ්ඩුවට අනාවැකියක්: විවේචනය කරන අය මර්දනයට ආවොත් වෙන දේ මම කියන්නම් Featured

ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන අය මර්දනයට ආණ්ඩුව සූදානම් වුවහොත් එහි ප්‍රතිඵලය පිළිබඳව අනාවැකියක් ආණ්ඩු පක්ෂයම නියෝජනය කරන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබේ.

එවන් මර්දනකාරී පිළිවෙතකට ආණ්ඩුව යොමු වුවහොත් සිදුවන්නේ ආණ්ඩුවේ ආයුෂ කෙටි වීම පමණක්ම බවට රාජපක්ෂ මහතා ආණ්ඩුවට අනතුරු අඟවයි.

ආණ්ඩුව තුළම කලකිරුණු පිරිස් සිටින බව පෙන්වාදෙන රාජපක්ෂ මහතා එසේ කලකිරුණු වර්ග දෙකක් සිටින බවද සදහන් කරයි.

ආණ්ඩුව තමන්ට තනතුරු ලබා නොදෙන විට, නොසලකන විට, බලය නොලැබෙන විට පිරිසක් කලකිරෙන බවද එය පෞද්ගලික කළකිරීමක් බව පෙන්වාදෙන රාජපක්ෂ මහතා රට වෙනුවෙන් අපේක්ෂා කළ දේවල් ඉටු නොවන විට කලකිරෙන පිරිසක්ද සිටින බවත් එය පොදු කළකිරීමක් බවද අවධාරණය කරයි.

තමාට නං එවැනි පෞද්ගලික කළකිරීමක් නොමැති බවද රාජපක්ෂ මහතා තහවුරු කරයි.

විජේදාස රාජපක්ෂ මහතා මෙම මතභේදාත්මක අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(8 votes)
Last modified on Sunday, 21 March 2021 00:52

Related items