April 19, 2024

මාරාන්තික බස් අනතුරෙන් රියදුරු මිය ගිහින් නැහැ - අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ

පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකින් මගී බස් රථයක් පෙරළි සිදු වූ මාරාන්තික අනතුරින් එම බස් රථයේ රියදුරා මිය ගොස් ඇති බවට මුලින් වාර්තා විය.

නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් අද (20) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ රියදුරු මිය ගොස් නොසිටි බවත් ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

අනතුරට ලක් වු බස් රථයේ රියදුරු අසුන අසළ පුද්ගලයෙකු සිර වී සිටි බවත්, එම පුද්ගලයා මිය ගොස් සිටි බවත් වාර්තා වූ අතර එම පුද්ගලයා රියදුරා යැයි මුලින් හඳුනා ගෙන තිබුණි.

කෙසේ වෙතත් පසුව කරන ලද විමර්ශනවලදී එම පුද්ගලයා රියදුරා නොවන බවට වාර්තා වී තිබේ.

Rate this item
(1 Vote)