March 29, 2024

පැරෂුටය පැටලී ගුවන් හමුදා නිලධාරියෙකු බිමට වැටෙයි - අයෙක් මරුට

අම්පාර ප්‍රදේශයේ සිදුකළ පුහුණු වීමක් අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලීමෙන් සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දූෂාන් විජේසූරිය මහතා සඳහන් කළේ අද (20) උදෑසන එම අනතුර සිදුව ඇති බවත් අම්පාර ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදා පැරෂූට් පුහුණු පාසලෙන් මොවුන් පුහුණුවීම් සඳහා පිටව ගොස් ඇති බවත්ය.

අඩි 8000ක පමණ උසක සිට ගුවන් හමුදා නිලධාරියා සහ අනෙක් ගුවන් හමුදා සෙබළා බිමට පැන ඇති අතර එහිදී පැරෂූට් දෙක එකිනෙක පැටලීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ ගුවන් සෙබළා ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට ඇතුළත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Rate this item
(0 votes)