April 23, 2024

ඉහළින් ආ නියෝගය හකුලා ගනී - දැවැන්ත පෝස්ටරය නැවත සවි කරයි (VIDEO)

ලෝක දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක තරුණ සංගමය විසින් නිර්මාණය කළ දැවැත්ත සිතුමක් කොළඹ නගරයේ ඉදි කර තිබේ.

, කොළඹ නෙලුම්පොකුණ රඟහල ඉදිරිපිටයි.

ගෝලීය දේශගුණ විපර්යාසන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා ලොව පුරා ක්‍රියාත්මක වැඩසටහනට සමගාමීව වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක තරුණ සංගමය අද දින මහජන දැනුවත් කිරීමේ වැසටහනක් මෙම ස්ථානයේ සංවිධානය කර තිබේ.

, මේ වනවිට මෙරට තුළ ස්ථාන කිහිපයක සිදු වෙමින් ඇති පරිසර හානි පිළිබඳව සමාජයේ අවධානය යොමු කරවීමේ අරමුණිනි.

එම වැඩසටහන වෙනුවෙන් අඩි 20 ක් උස අඩි 70 ක් දිග මෙම සිතුවම නිර්මාණය කර ඇත.

අද උදෑසන කොළඹ නගර සභා සේවකයින් පිරිසක් මෙම සිතුවම ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් සංවිධාකයන් එය නගර සභා අවසරයෙන් ඉදි කර ඇති බවට පෙන්වා දීම හේතුවෙන් යළිත් මෙම සිතුවම සහිත පුවරුව නගර සභා සේවකයින් විසින්ම සවීකිරීමට පියවර ගත්තේ ය.

සබැඳි පුවත් - වන සංහාරය ගැන දැක්වූ දැවැන්ත පෝස්ටරය වහාම ඉවතට - නියෝගය ඉහලින්ම ඇවිත් (PHOTOS)

Rate this item
(0 votes)