March 29, 2024

භාග්‍යා විසින් අනාවරණය කළ සිංහරාජ ඉඩමට කරන්න යන දේ ගැන මහින්ද කතා කරයි

සමාජය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙන භාග්‍යා අබේරත්න තරුණිය විසින් අනාවරණය කරන ලද ඉඩම් කොටස රජයට පවරා ගැනීමට ඇති හැකියාව පිළිබඳව මේ වන විට සාකච්ඡා කරගෙන යන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ නිසි අධ්‍යයනයකින් පසුව එළැඹෙන සතිය පමණ වන විට යම් නිගමනයකට එළැඹිය හැකි බවටද අමාත්‍යරයා විසින් පෙන්වා දෙයි.

මෙම ස්ථානයේ ඉදිවෙන නිවාඩු නිකේතනය සඳහා අවසර ලබා දී තිබෙන්නේ ප්‍රාදේශිය සභාව සහ ග්‍රාම නිලධාරීවරයා විසින් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Rate this item
(2 votes)