April 23, 2024

අනුර කුමාරටත් වැඩ වරදී - ඇමැති සරත් වෙන දේ ගැන දැන්ම කියයි

තමා විසින් පසුගිය කාලයේ සිදුකළ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව නුදුරු අනාගතයේදී සනාථවනු ඇති බව ආචාර්ය සරත් වීරසේකර අමාත්‍යවරයා පවසයි.

වීරසේකර මහතා මේ අදහස් පළ කළේ පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලන කාර්යාලයේ අද (18 ) විවෘත කිරීමෙන් පසුව පැවැති උත්සවයේදී ය.

පාස්කු ප්‍රහාරයට අනුබල දුන් ඊබ්‍රහිම් සහෝදරයින්ගේ පියා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට ද ප්‍රකාශ ලබාදීමට සිදුවනු ඇති බව හෙතෙම පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණ මොහොමඩ් ඉල්හාම් හා මොහොමඩ් ඉන්සාෆ් යන තරුණ ව්‍යාපාරික සහෝදරයින් දෙදෙනාගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහීම් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන්ද ඉදිරියේදී කරුණු විමසන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සරත් වීරසේකර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

"මා පසුගිය දිනවල කියපු සහ කරපු වැඩ පුස් වෙඩිල්ලක් බවට අනුර කුමාර මහතා කියලා තියෙනවා. ඒවා පුස් වෙඩි ද ජීව උණ්ඩ ද කියලා ඉතාම කෙඩි කාලයකදී අනුර කුමාරට දැනගන්න පුළුවන් වෙයි. පාස්කු ප්‍රහාරයේ දරුණුම අපරාධ කළ බෝම්බකරුවන් දෙදෙනා ගේ පියා තමයි ඊබ්‍රහිම්. ඔහු තමයි ලක්ෂ 300ක් දුන්නෙ සහරාන්ට. මේ ප්‍රහාර කරන්න. ඊබ්‍රහිම් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සඳහන් වෙලා තිබ්බේ. අනුර කුමාරට ඒ සම්බන්ධයෙන් නුදුරු අනාගතයේදී පැහැදිලි කිරීමක් කරන්න වෙයි."

Rate this item
(0 votes)