April 25, 2024

රෙදි මාරු කරනවා වගේ පාලකයෝ මාරුකර රටක් හදන්න බැහැ - පුරවැසි බලවේගය

රෙදි මාරු කරනවා වගේ පාලකයෝ මාරු කර රට හදන්න බැරි බව ජාතික නිදහස සඳහා වූ පුරවැසි බලවේගය පෙන්වා දෙයි.

ජාතික නිදහස සඳහා වූ පුරවැසි බලවේගය එහි මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ. 

එම නිවේදනය පහතින්,

"රෙදි මාරු කරනවා වගේ පාලකයෝ මාරු කරලා රට හදන්න බැහැ "ගමෙන් පටන් ගමු රටටම ආදර්ශයක් වෙමු"යන තේමාව මුල් කරගනිමින් ආරම්භ කරන ලද ජාතික නිදහස සදහා වූ පුරවැසි බලවේගයේ තවත් මෙහෙයුම් කමිටු රැස්වීමක් පසුගියදා හික්කඩුවෙදී පැවැත්විණි.මේ සදහා ජාතික නිදහස සදහා පුරවැසි බලවේගයේ ජාතික සංවිධායක කිර්ති දුනුවිල මහතා සහ හික්කඩුව,බද්දේගම,නාගොඩ,හම්බරාදුව,ඉමදුව ප්‍රාදේශීය සභා නියෝජනය කරමින් මන්ත්‍රීවරු පිරිසක් සහභාගිවී සිටිහ.මේ අවස්තාව සදහා ප්‍රදේශයේ විවිධ ස්වේච්ඡා සංවිධාන නියෝජනය කරමින් පිරිසක්ද සහභාගී වුහ. මෙහිදී ජාතික නිදහස සදහා වූ පුරවැසි බලවේගයේ ජාතික සංවිධායක කිර්ති දුනුවිල මහතා අදහස් දක්වමින් තම සංවිධානයේ අරමුණ ආණ්ඩු විරෝධී වීම හෝ විපක්ෂයේ මතවාද කරපින්නාගෙන යාම නොව රටේ ජිවත් වන ජනයා එදිනෙදා මුහුණ දෙන අභියෝග ජය ගැනීම සදහා ප්‍රබල සිවිල් පුරවැසි සංවිධානයක් ගම්මට්ටමින් ගොඩනැගීම බව කියා සිටියේය.අද ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසදන්න මේ ආණ්ඩුවට වගේම විපක්ෂයට වැඩපිළිවෙලක් නැහැ.ඔවුන් කරන්නේ එදිනෙදා ජනප්ප්‍රිය මාතෘකා අල්ලාගෙන රටේ ජනතාව මුලාකිරිම පමණයි.අද ආණ්ඩුවේ ආයතනයකට ගියාම මිනිස්සු කොයි තරම් අපහසුතාවයන්ට පත්වෙනවද මේ දේවල් ගැන කිසිම කෙනෙකුට ගානක් නැහැ සිස්ටම් එක මාරු කරන්න ආපු කෙනත් පරණ සිස්ටම් එකටම යනවා අපි මේ තියෙන ක්‍රමය වෙනස් කරන්න ආයේ කලින් හිටපු පිරිසම ආයේ ගේනවා නම් කවදාවත් මේ මොකවත් වෙනස් වෙන්නේ නැහැ.අපිට වැරදුනේ අපි වෙනස් නොවී පාලකයන් වෙනස් කරන්න යාමෙන්.

ඒ නිසා අපි පැහැදිලිව කියනවා පාලකයා වෙනස් කිරීමෙන් මේ මජර කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න බැහැ.අන්න ඒ නිසයි රටේ පුරවැසියා සවිබල ගැන්වීම සදහා අපි මේ ජාතික නිදහස සදහා වූ පුරවැසි බලවේගය නිර්මාණය කරන්නේ මේ සංවිධානය ඇතුලට ඕනේ කෙනෙක්ට එන්න පුළුවන් ඇවිත් අපිත් එක්ක අපේ ක්‍රමයට වැඩකරන්න පුළුවන්. තව දුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධායකවරයා මෙසේද කියා සිටියේය. ලංකාවේ මිනිස්සු පොලිසියකට ගියාම එතන සාධාරණය නැහැ.පාසලකට ළමයෙක් දාන්න ගියාම එතන සාධාරණය නැහැ බැංකුවකින් ණයක් ගන්න ගියාම එතන සාධාරණය නැහැ,රාජ්‍ය ආයතනයකට ගියාම එතන සාධාරණය නැහැ වෙළද පොලට ගියාම එතන සාධාරණය නැහැ බලවතා ජය ගන්නවා සාමන්‍ය මිනිහා පිඩාවට පත්වෙනවා මේ කාලකන්ණි ක්‍රමය තමයි අපි වෙනස් කරන්න ඕනේ දේශපාලකයා පස්සේ ගිහින් තමන්ගේ ප්‍රශනය විසදගන්නවා වෙනුවට රටාවකට අනුව හැමෝගෙන ප්‍රශ්න විසදන ක්‍රමයක් හැදෙන්න ඕනේ ඒකට රෙදි මාරු කරනවා වගේ පාලකයෝ වෙනස් කරලා බැහැ ඒ වැඩේට රටේ පුරවැසියා බලගන්වන්න ඕනේ පුරවැසියා සංවිධානාත්මක වෙන්න ඕනේ අපි මේ සංවිධානය හරහා කරන්න යන්නේ අන්න ඒ වැඩේ"

Rate this item
(0 votes)