March 28, 2024

ගෑස් මිල ගැන අගමැතිගෙන් තීන්දුවක් - අවුරුද්දට ගෑස් මිලට වෙන දේ මෙන්න

රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් උත්සව සමයේ දී ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළෙඳපොළ සම්බන්ධයෙන් ඊයේ (17) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර තිබේ.

සහල්, පොල්, කිරිපිටි, මාළු, මස්, බිත්තර, පරිප්පු, ධාන්‍ය, ලොකු ළූණු, රතු ළූණු, අර්තාපල්, එළවළු සහ පළතුරු මෙන්ම ගෑස් සඳහා පාරිභෝගිකයින්ට සහන සැලසීම පිළිබඳ මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකා රේගුව භාරයේ ඇති සහල් මෙට්‍රික්ටොන් 3,000කට ආසන්න ප්‍රමාණයක් සතොස හරහා ජනතාවට බෙදාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය සතු සහල් සංචිත වෙළෙඳපොළට නිකුත් කිරීම සහ තවත් මෙට්‍රික්ටොන් 25,000ක් පමණ දේශීය සහල් ව්‍යාපාරිකයින්ගෙන් මිලදී ගැනීමට මෙහිදි අවධානය යොමුවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Rate this item
(0 votes)