April 24, 2024

තරුණිය හෙළි කළ වන විනාශය සිදුවන සිංහරාජ ඉඩමට සිංහල රාවය කඩා වදී - ලොකු කලබගෑනියෙකුත් ඇති වෙයි

සිංහල රාවයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු එම සංවිධානයේ පිරිසක් ඊයේ (17) දිනයේදී භාග්‍යා අබේරත්න තරුණිය විසින් අනාවරණය කළ සිංහරාජ වන විනාශය සිදුවන ඉඩම වෙත ගොස් තිබේ.

එහිදී එම පිරිස ඉඩමට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එම ස්ථානයේ සිටි මුරකරුවා විසින් විරෝධය පළ කර තිබුණි.

කෙසේ වෙතත් පිරිස විසින් ඉඩමට ඇතුළු වන අතර එහිදී දැකගන්නට ලැබී තිබුණේ ජල පහරක් හරස් කරමින් ඉඩම තුළ කුඩා ජලාශයක් ද නිර්මාණය කර ඇති බවයි.

එහිදී සිහල රාවයේ පිරිස විසින් පවසා සිටියේ ගම්වාසීන් විසින් තමන්ට බීමට ජලය නොමැති බවට පවසා සිටි බවත් ඉඩම් හිමිකරුවන් විසින් එම ස්ථානයේ තටාක ගසා ඇති බවත් පිරිස විසින් චෝදනා එල්ල කළේය.

එම ඉඩමේ නිරීක්ෂණයෙන් පසුව අක්මීමන දයාරතන හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කර සිටි අතර එහිදී උන්වහන්සේ කියා සිටියේ සියල්ලම තීරණය වන්නේ මුදල් මත බවයි.

“හැමදෙයක්ම තීරණය වන්නේ මුදල් මතනේ..මේකට සෑහෙන්න මුදලක් වියදම් කරන්න වෙනවා..වියදම් කරාට පස්සේ ඒවා කෑවට පස්සේ දිරව ගන්න බෑනේ අනිත් අයට.. ඒ නිසා එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. මම පිළිගන්නවා 69 ලක්ෂයෙන් එක්කෙනෙක් තමයි මමත්.. ආණ්ඩුවට සහයෝගය දීපු 69 ලක්ෂයෙන් එක්කෙනෙක් මං.. ඒ විතරක් නෙමෙයි වේදිකාවන් මත නැගලා මේ ආණ්ඩුව වෙනුවෙන් කතා කරලා, මේ ආණ්ඩුව හදන්න කටයුතු කළා.. අද අපි දුක් වෙනවා ගොඩක්.. ඒත් තාමත් ජනාධිපතිතුමා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා..” යැයිද එහිදී අක්මීමන දයාරතන හිමියන් පවසා සිටියේය.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සමහර මැති ඇමතිවරු පිළිබඳව ප්‍රශ්නයක් ඇති බව පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ “ඒක හරියට මොණරාගේ නැටුම වගේ..මොණරා පිල් විදහාගෙන ඉස්සරහට නටනකොට ලස්සනයි.. හැබැයි පිටිපස්ස බලනකොට සම්පුර්ණ හෙළුවෙන් ඉන්නේ..ඒ වගේ තමයි මේ ආණ්ඩුවත්..ඒක තමයි මේ වෙන්නේ…” යනුවෙන්ද අක්මීමන දයාරතන හිමියන් පවසා සිටියේය.

පිරිස විසින් ඉඩමෙන් ඉවත්වන අවස්ථාවේදී පුද්ගලයින් කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිණ අදාළ ඉඩම පිළිබඳ සිංහල රාවයේ පිරිස වෙත කරුණු පැහැදිළි කිරීමක් කිරීමට උත්සාහ කළේය.

ඔවුන් විසින් පෙන්වා දී තිබුණේ වන භූමියට අයත් නොවන එම ඉඩමේ දැව හෙළීමක් සිදු නොකළ බවයි. එම ඉඩමේ ගස් නොතිබුණු බවත් ඔවුන් ප්‍රකාශ කළ අතර එහිදී පිරිස අතර යම් උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය. එහිදී ගැටුමක් නිර්මාණය වීමට ආසන්න වෙද්දී අක්මීමන දයාරතන හිමියන් මැදිහත්ව එය වළක්වා ගැනීමට සමත්විය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 March 2021 08:11

Related items