March 29, 2024

අගමැති මහින්දත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අසතුටින් - බලධාරීන් ඉදිරියේ කිව්ව කතාව

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අසතුටින් සිටින බව ඔහු ඊයේ (17) දිනයේ දී කළ ප්‍රකාශයකින් පැහැදිළි වෙයි.

ඊයේ අරලියගහ මන්දිරයේ පැවැති 96 ලෝක කුසලාන ක්‍රිකට් ශූරයන්ව ඇගයීමේ උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේ 1996 ශ්‍රී ලංකාව දිනා ගත් ක්‍රිකට් කුසලාන ජයග්‍රහණය අද ඊයේ මෙන් හදවතේ රැඳී පවතින බවයි.

එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේ දැන් ක්‍රිකට් පිටියේ සිදුවන දේවල් දිහා බැලීමේදී මෙම 96 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය ක්‍රිකට් ලෝලීන් විසින් නිතර නිතර මතක් කරන බවයි.

“අතීතය වැදගත් වන්නේ වර්තමානය හදා ගන්න” යැයිද එහිදී අග්‍රාමාත්‍යවරයා පැමිණි සිටි 1996 ලෝක කුසලාන ක්‍රිකට් ශූරයන් ඇතුළු අමුත්තන් ඉදිරියේ ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)