March 29, 2024

දරුවෙකුටත් මරු කැඳවූ දුම්රිය අනතුරට හේතුව හෙළි වෙයි

තලෙයිමන්නාරම දුම්රිය ස්ථානය ආසන්නයේදී පෞද්ගලික මගී බස් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරට හේතුව දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත දොරටු වසා නොතිබීම බවට මන්නාරම් පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

දුම්රිය පැමිණෙන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ රාජකාරියේ සිටි ආරක්ෂක නිලධාරියාගේ නොසැලිකිලිමත් භාවය, බස් රථය පැමිණි ප්‍රධාන මාර්ගය අවහිර නොකිරීම මෙන්ම බස් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම යන කරුණු හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන පොලීසිය විසින් අනාවරණය කොට ගෙන සිටියේය.

ඊයේ (16) දහවල් තලෙයිමන්නාරම දුම්රිය ස්ථානයට ආසන්නයෙන් කොළඹ සිට පැමිණි නගරාන්තර සීග්‍රගාමී දුම්රියට දුම්රිය හරස් මාර් ග බාධකයක් මත පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අවුරුදු 09 ක් වයසැති පාසල් දරුවෙකු මිය ගොස් තවත් 25 දෙනෙකුට පමණ තුවාල සිදු වූ අතර තුවාල සිදු වූ පිරිසෙන් 15 දෙනෙකු පමණ පාසල් ළමුන් බවට අනාවරනය විය.

කෙසේවෙතත් මේ වන විට අදාල අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු, කොන්දොස්තර සහ දුම්රිය හරස් මාර්ග බාධකයේ සිටි ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන පොලිස් ප්‍රශ්න කිරීම් සිදු කරන බවටද පරික්ෂණ සිදු කරන මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

බස්රිය දුම්රියක ගැටෙයි - පාසල් සිසුවෙක් මරුට (PHOTOS)

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 March 2021 12:16