April 24, 2024

අසාද් සාලිව CIDයෙන් අත්අඩංගුවට ගනී

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලූපිටියේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

1978 ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප‍්‍රකාරව මොහු වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට නිතිපතිවරයාගෙන් ලද උපදෙස් ප‍්‍රකාරව අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක නියෝජ්‍යපොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

අසාද් සාලි මහතා පසුගියදා මෙරට නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් පැමිණිලි ඉදිරිපත්කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 March 2021 19:52