April 20, 2024

බස්නාහිර දහම් පාසල් නැවත ආරම්භ කරන දිනය මෙන්න

බස්නාහිර පළාතේ දහම් පාසල් නැවත ආරම්භ කිරීමට අවධානය යොමුව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කළේ අප්‍රේල් මස 25 වැනි දින බස්නාහිර පළාතේ දහම් පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ එකගතාවයකට අනුව මෙම තීරණයට එළඹ තිබේ.

බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අප්‍රේල් 19 වන දින බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි සදහා පාසල් විවෘත වන බවට අධ්‍යාපන අමාත්‍යංශය මගින් දැනුම්දීමත් සමග ඊට සමගාමීව දහම් පාසල් ද ආරම්භ කරන බවයි.

ඒ අනුව බස්නාහිර පළාතේ බෞද්ධ දහම් පාසල් 2026ක් ක්‍රියාත්මක වන අතර දරු දැරියන් 604853දෙනෙකු හා ගුරු භවතුන් 31954දෙනෙකු නිස්සරණාධ්‍යාසයෙන් ඉගැන්වීම කටයුතු කරයි.

Rate this item
(0 votes)