April 23, 2024

කිලිනොච්චියේ නොසන්සුන්තාවයක් - සැකකරුවෙකුගේ නිවසකට ගිනි තබයි (PHOTOS)

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකුගේ නිවසකට ඊයේ (15) දින කිසියම් පිරිසක් විසින් ගිනිතැබීමක් හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාවය පාලනය කල බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් අදාල පාසල් සිසුවා මිය යාම සම්බන්ධයන් සැකපිට පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් ප්‍රධාන සැකකරුගේ නිවසට මෙලෙස ඊයේ දින ගිනි තබා ඇත.

අදාල පාසල් සිසුවා එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණියක් සමග ඇති කරගත් ආදර සම්බන්ධයක් හේතුවෙන් උරණ වූ තරුණියගේ ඥාතියෙකු විසින් මෙලෙස පාසල් සිසුවා ඝාතනය කොට ඇති බවට පොලීසිය සැකපල කර ඇති අතර අදාල ඥාති සැකකරුගේ නිවසට මෙලෙස කිසියම් පිරිසක් විසින් ගිනි තැබීම සිදු කොට ඇත.

අදාල සැකකරුගේ නිවසට ගිනි තැබූ පුද්ගලයින් පලා යාමත් සමග ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හට ගෙන ඇති අතරම එම ස්ථානයට ගිය කිලිනොච්චිය පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විසින් ගින්න නිවා දැමුවද ඒ වන විටත් නිවස සම්පූරණයෙන්ම ගිනි ගෙන තිබී ඇත.

කෙසේ වෙතත් නිවසට ගිනිතැබූ පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳව සෙවීමට මේ වන විට කිලිනොච්චිය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

Rate this item
(0 votes)