February 10, 2025

ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු නෑ - 2025දී බිහිවෙන ආණ්ඩුව ගැන සජිත් කියයි

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් 2025 වසර වන විට නියත වශයෙන්ම බිහි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ කොළඹ හයිඩ් පිටියේදී පැවති සමගි ජන බලවේගයේ පළමු පක්ෂ සංවත්සරය අමතමිනි.

2025 වසරේ දී පක්ෂයේ සංවත්සරය සමරන විට සමගි ජන බලවේගය රටේ බලය අතට ගෙන පොදු ජනතාව දිනවීමට කැපවන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙකු නොවන බවත් ඔහු පොදු ජනතාව දිනවන් අපේක්ෂකයා බවත් විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව යටතේ රට සෑම අතින්ම පිරිහීමට පත්ව ඇති බවත් රට හමුවේ ඇති අභියෝග ජයගැනීම සඳහා එකට සිට ගැනීමට සියලු කණ්ඩායම් වලට තමන් ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 March 2021 00:28
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449