March 29, 2024

සිංහරාජ විනාශය ගැන කියපු තරුණියට ඇමති සි.බී ගෙන් සැර උත්තරයක්

රූපවාහිනී ප්‍රශ්න විචාරාත්කම වැඩසටහනකට එක්වෙමින් තරුණියක් විසින් හෙළිදරව් කළ සිංහරාජ විනාශය පිළිබඳව වන ජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බී රත්නායක මහතා පිළිතුරු ලබා දී තිබේ.

එහිදී අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේ එම තරුණියට කරුණු සොයා බලා කතා කරන ලෙසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ “මම දැක්කා දරුවෙකු ඇවිත් කියනවා සිංහරාජයේ හෝටල් හදනවා කියලා..සමහර තැන්වලදී අපි කරුණු පෙන්නලා දෙන කොට එගොල්ලොන්ට ඔප්පුතිරප්පු තියෙනවා..දීර්ඝ කාලීන ඔප්පු තියෙනවා..ඒ ඔප්පු තියෙන අයගේ අයිතිය සඳහා එයාලා ඒ කාර්ය කරනවා..දේශපාලන බලයක් නැහැ..දේශපාලන ඇඟිලි ගැහීම් කරන්නේ නැහැ..” යනුවෙනි පැවසීය.

වනාන්තරයක් තුළ ගෙවල් හදන්න බැරි බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය. නමුත් පෙර සිටිම තිබූ නිවෙස් තිබෙයි නම් ඒවාට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බවත් එසේ නොමැතිව සිංහරාජයේ කැළේ එළි කරන්නට හෝ අත තියන්නට ඉඩ ලබා නොදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

“ඒ දරුවාට මම කියනවා පැහැදිළිව කරුණු හොයා බලාගෙන කතා කරන්න ඕනැයි කියන එක..” යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

Rate this item
(3 votes)

Related items