April 20, 2024

සීගිරිය ඉඩම් මංකොල්ලය ගැන දඹුල්ල නගරාධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

විශ්‍රාමික සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාරගේ බිරිඳගෙ නමට අසරණ පවුලකට ලබාදුන් සීගිරියේ රජයේ ඉඩමක් පවරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කරුණු රැසක් එළිදරව් කොට තිබේ.

මෙම ඉඩම පවරා ගැනීමේ සිද්ධියේදී ඇතිවී තිබෙන දූෂිත තත්ත්වය පිළිබඳවද කරුණු ඊට ඇතුළත්ය.

"සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්න ඕන.හෝටල් ඉදි වෙන්න ඕන.හැබැයි ඒක වෙන්න ඕන අහිංසක මිනිස්සුන්ගේ කොල්ල කාලා නෙවෙයි.මේ අසරණ අම්මටයි තාත්තටයි ජීවත්වීමේ බලාපොරොත්තුව දීලා ඉතා සූක්ෂම ලෙස මේ ඉඩම පවරා ගෙන තිබෙනවා.ඒක මහා අපරාධයක්.හැබැයි ලියුම් කඩදාසියක්වත් ඒ දෙපළ ළඟ නැහැ.මේ පැවරුම සිද්ධ වෙලා තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සහ ඔහුගේ බිරියගේ නමටයි.මේක කූඨ වැඩක්ද කියලා සැකයකුත් තිබෙනවා.ඒ නිසා ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා අපිත් ඉල්ලනවා.ඒ වගේම මේ සම්බන්ධයෙන් කරුණු මම ආණ්ඩුකාර තුමාටත් ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයාටත් දැනුම් දී සිටිනවා"යැයි නගරාධිපතිවරයා සඳහන් කරයි.

"මේ සිද්ධිය ආරංචි වීමත් සමග ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා ප්‍රාදේශීය ලේකම්වරුන් කැඳවා දිස්ත්‍රික්කය ඉඩම් විකුණන එක වහාම නවත්තන්න කියලා උපදෙස් දුන්නා.මේකට කිසිම දේශපාලන සම්බන්ධතාවයන් නැහැ."යයිද නගරාධිපතිවරයා වැඩිදුරටත් කරුණු හෙළිදරව් කරයි.

අදාල ඉඩම අයත් වන්නේ වන්නේ ඔහුගේ සභාපතිත්වයෙන් යුත් දඹුල්ල නගර සභා බල ප්‍රදේශයට බව වාර්තා වේ.

දඹුල්ල නගරාධිපතිවරයා මේ අදහස් පල කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමගිනි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 March 2021 11:30