April 19, 2024

කුරුවිට තරුණියගේ හිස සෙවීමේ මෙහෙයුම නවතීද?

කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණියගේ හිස සෙවීමේ පරික්ෂණ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මීට පෙර වාර්තා වී තිබුණේ තරුණියගේ හිස එස්.අයී නිලධාරියා විසින් තවත් ඇඳුම් කිහිපයක් සමඟ ගිනි තබන්නට ඇති බවයි.ෙ

මේ සම්බන්ධව අප උසස් පොලිස් නිලධාරියෙකුගෙන් විමසීමක් කළ අතර ඔහු අප වෙත සඳහන් කර සිටියේ මෙම ගිනි ගත් ස්ථානයේ තිබි හමුව ඇත්තේ රෙදි කිහිපයක් සහ ගමන් මල්ලක් පමණක් බවයි‍ෙ

හිස ගැන තවමත් හෝඩුවාවක් හෝ තොරතුරක් නොමැති බවද ඔහු ඒෂියන් මිරර් වෙත පවසා සිටියේය

මිය ගිය උප පොලිස් පරික්ෂකවරයාගේ නිවසේ  හිස සැඟ වූවායැයි සැක කරන සියලුම ස්ථානයන් මේ වන විටත් පරික්ෂාවට ලක් කර තිබේ.

පසුගිය මාර්තු 01 වැනිදා කොළඹ පිටකොටුව වේල්ලවීදියේ තිබී අත්හැර දමා ගිය ගමන් මල්ලක තිබී කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකගේ දේහයක් සොයා ගත් අතර ඇයගේ හිසට සිදු වූ දෙය අභිරහසක් බවට පත්ව තිබුණි.

Rate this item
(0 votes)

Related items