March 29, 2024

සීගිරි ඉඩම් සිද්ධිය : වැඩ තහනමට ලක්වූ ග්‍රාමසේවක දැන් කියන දේ (VIDEO)

සිගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩම් නීති විරෝධි අයුරින් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන ක්‍රිකට් ක්‍රීඩකයා ලෝකප්‍රකට හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් බව අනාවරණ වී තිබේ.

ඒ අනුව ඔහුගේ බිරිදගේ නමට එම ඉඩම් ලබා ගෙන ඇති බවත් ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේද සහය ලැබී ඇති බවත් මේවන විට හෙලි වී ඇත.

මෙම කාන්තාව අඩු ආදායම් ලාබී කාන්තාවක් බව පෙන්වමින් ඉඩම් ලබා ගැනීමට තැත් කර ඇති බවද මේ වන විට සිදු කර ඇති මූලික පරීක්ෂණයේදී අනාවරණ වී තිබේ.

දඹුල්ල සීගිරියේ පිහිටා ඇති මෙම ඉඩමට ඓතිහාසික සීගිරි ගල මනාව දර්ශනය වේ.

පර්චස් 90ක් පමණ වන මෙම ඉඩම හා නිවාස ව්‍යාජ ලේඛන සකසා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු බිරිඳගේ නමට පවරා ගැනීමට කටයුතු කර ඇති බවට හෙළි වීමත් සමඟ අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ වැඩ තහනම් කෙරුණේ ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාව මතය.

වැඩ තහනමට ලක්වූ ග්‍රාම නිලධාරීවරයා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

"මම නියමිත පරිදි රාජකාරිය කරලා තියෙනවා. ඒකේ මුලික විමර්ශනයක් යනවා නම් මට ඒක පෙන්වන්න පුළුවන්. එයාව මට මුණ ගැහිලා නැහැ. මම වසමට ගිහිල්ලා මාසයයි ඔය සිද්ධිය වෙනකොට. මම වැඩ භාර අරගෙන. ඉතින් ලොකු අවබෝධයක් තිබුනේ නැහැ මට. හැදුනුම්පත බැලුවම ඒකෙ පදිංචිය ලිපිනය තියෙනවා නම් වෙන ගැටළුවක් එතන මම දැක්කේ නැහැ. ඉඩම තියෙන්නේ මගේ වසමේ නෙවෙයි. එයාගේ නම ජන්ද නාම ලේඛනයේ තිබුනේ නැහැ. ඊට පස්සේ මම කිව්වා පදිංචිය හැර යාමේ ලියුමක් ගේන්න කියලා. ඊට පස්සේ පදිංචිය හැර යාමේ ලියුමක් ගෙනාවා. මම මේකේ සඳහන් කරලා තියෙන්නේ මෙයා ස්ථිර පදිංචි නැහැ. තාවකාලිකව පදිංචි වෙලා ඉන්නේ කියලා. 

Rate this item
(0 votes)

Related items