April 25, 2024

“පුපුරන සද්දයක් එක පාරටම ඇහුණා” - කොහුවල සිදුවීම ගැන ඇසින් දුටුවන් කියන කතාව (CCTV)

ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ කොහුවල, ආසිරි මාවතේ අභිරහස් ලෙස ගිනි ගත් මෝටර් රථයේ තිබී හමු වූ පුද්ගල මළ සිරුර සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙලෙස මිය ගිය පුද්ගලයා 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන නසාර් මොහොමඩ් හෆ්ෆාන් ලෙසට සැක පළ කර තිබේ.ෙ

මෙම ගිනි ගැනීම වන අවස්ථාවේ එම සිදුවීම වූ ස්ථානයේ අසල්වාසීන්ට පිපිරීමක හඬක් ඇසී තිබුණු බවට පවසා තිබුණි‍.

එහිදී එක් පුද්ගලයෙකු සඳහන් කර සිටියේ ගසක් කඩා වැටෙන ආකාරයක මෙන් විශාල හඬක් ඇසුණු බවත්, නිවෙසන් පිටතට පැමිණි බැලීමේදී කිසිවෙකු නොමැති නිසා පරික්ෂා කරන අවස්ථාවේ මෙම ගින්න දුටු බවයි.

මෙහිදී කිසිදු පුද්ගලයෙකුට ගින්න නිවීම එම ස්ථානය වෙත යෑමට නොහැකිව තිබුණේ මෙම වැගන් ආර් වර්ගයේ මෝටර් රථය ගිනි ගෙන තිබුණේ පටු මාර්ගයක වීම නිසාය.

මෙම ගිනි ගැනීමේ එහි සිටි පුද්ගලාගේ ශරීර සලකුණු හෝ හඳුනා ගැනීමට නොහැකි ලෙස පිළිස්සි තිබුණු බවද පොලීස් මාධ්‍ය ප්‍රකාශ නි.පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.

මෙම මෝටර් රථය ගිනි ගෙන තිබූ මාර්ගයට ඇතුළු කරන ආකාරය දැක්වෙන CCTV (සිසිටිවී) දර්ශන මේ වන විට ප්‍රසිද්ධ වී තිබේ. 

එම දර්ශන පහතින්,

සිදුවීම වූ ස්ථානයේ දර්ශන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 March 2021 22:49