March 28, 2024

මුදල් ඇමති හා හිටපු මුදල් ඇමති ට්විටර් යුද්ධයක

චීන මහජන බැංකුව විසින් ශ්‍රීලංකා ව සඳහා ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ස්වැප් පහසුකම යටතේ අනුමත කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටී.

මෙම ණය අනුමත වී ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුව සඳහායි.

ඒ අවශ්‍ය විටෙක මෙරට විදේශ සංචිත සවිමත් කිරීම උදෙසායි.

මීට පෙර ලංකාව ඉන්දියාවෙන් ද ස්වැප් පහසුකම යටතේ ඩොලර් මිලියන 400ක් අබාගෙන තිබූ අතර එමණය මුදල පසුගිය පෙබරවාරියේ ගෙවාදමනු ලැබිණ.

මංගල සමරවීර මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ  ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුතම් ලබා ගැනීම වෙනුවට අතමාරු ක්‍රමයට චීනයෙන් ණය ලබා ගන්නා බවයි. ඔහු ප්‍රකාශ කර සිටින්නේ මෙම ණය මුදල් ගැනීමේ පොලී අනුපාත හෝ කාල සීමාවන් පිළිබඳව කිසිදු සදහනක් නොමැති බවයි. 

Rate this item
(0 votes)