April 25, 2024

ඊ. ටී. අයි. තැන්පත් කරුවන් මාරාන්තික උපවාසයකට

ඊ. ටී. අයි. මුදල් වංචාව සම්බන්ධයෙන් අපිට තාම සාධාරණය ඉෂ්ට වෙලා නැහැ.

මේ සම්බන්ධයෙන් අපිට සාධාරණය දැන්වත් ඉටු ුවුණේ නැත්නම් අපි සියලූ දෙනා මාරාන්තික උපවාසයකට යනවා යැයි ඊ. ටී. අයි. තැන්පත්කරුවන්ගේ සුරැකීමේ සංවිධානයේ සභාපතිනී අනුෂා ජයන්ති මහත්මිය ඊයේ (10 වැනිදා) පැවසුවාය.ඒ ඊයේ දිනයේදී අලුත්කඩේ උසාවි සංකීර්ණය පරිශ්‍රයෙහි පවතී නිහඩ උද්ගෝෂණයකට එක්වෙමිනි .

මෙම ඊ. ටී. අයි. මූල්‍ය වංචාවෙන් බැටකන සියලූ තැන්පත්කරුවන් ඉතා අපහසුතා මධ්‍යයේ දිවිගෙවන බවද ඇය සඳහන් කළාය.

මෙහිදී තවදුරටත් කතා කළ අනූෂා ජයන්ති මහත්මිය මෙසේද කියා සිටියාය.

මේ ඊ. ටී. අයි. වංචාවට තැන්පත්කරුවෝ විසිහතරදාහක් හසුවෙලා තියෙනවා. මේක රුපියල් බිලියන 33 ක වංචාවක්. කොළඹ මහාධිකරණයේ මේ සම්බන්ධයෙන් අපි පවරා තිබෙන නඩුව අවුරුදු 2 ක් තිස්සේ විභාග වෙනවා. තාම තීරණයක් දීලා නැහැ.

අද අපි අන්ත අසරණ වෙලයි ඉන්නේ. මේ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක්වත් තාම අපිට ලැබුණේ නැහැ. ඒකටත් දැන් මාස 5 ක් ගත වෙලා.

මේක විශේෂ නඩුවක් ලෙස සලකා එකදිගට විභාග කරලා අවසන් කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ තැන්පත්කරුවන්ගෙන් 50 කට වැඩි පිරිසක් දැනටමත් මිය ගිහින්. තව බොහෝ පිරිසක් රෝගාතුරවෙලා. මේවා අපි කවුරුත් දුක් මහන්සියෙන් හම්බ කරගත් මුදල්. මේ ආයතනය ගැන විශ්වාස කරලයි මුදල් තැන්පත් කළේ.

Rate this item
(0 votes)