April 16, 2024

කිළිනොච්චියේ වැවක කාන්තා මළ සිරුරක් පාවෙයි - මිය ගිය ආකාරය ගැන සැකයක්? (PHOTOS)

කිලිනොච්චිය අම්බාල්කුලම් වැවේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් ඊයේ (09) වැනිදා දින සොයා ගත බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

මෙම කාන්තා මළ සිරුර අම්බාල්කුලම් වැවේ පාවෙමින් ඇති බවට දුටු  ප්‍රදේශවාසීන් විසින් ග්‍රාම සේවක වරයාට දැනුම් දීමෙන් අනතුරුව ග්‍රාමසේවක වරයා විසින් කිලිනොච්චිය පොලීසියට මේ බව දැනුම් දී ඇත.

අනතුරුව අදාල ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණ මළ සිරුර ගොඩට ගැනීමට කටයුතු කර තිබුණු අතර පසුව මිය ගොස් ඇති කාන්තාව හඳුනා ගැනීමට හැකිව තිබුණි.

එහිදී මිය ගොස් ඇත්තේ අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් වූ 37 හැවිරිදි අරමුගම් තිලකේස්වරී නැමති කාන්තාවක් බවට අනාවරණය වී තිබේ.

මිය ගොස් ඇති කාන්තාවගේ මරණයට හේතුව මෙතක් අනාවරනය වී නොමැති අතර කිලිනොච්චිය රෝහලට යන බවට පවසා අදාල කාන්තාව නිවසින් පිටව ගොස් තිබේ.

ඇය නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් සිදුකරන ලද සෝදිසියකදී කාන්තාවගේ මළ සිරුර වැවේ තිබී හමු වී ඇති බවට පවුලේ ඥාතීන් විසින් පොලීසියට පවසා ඇත.

මිය ගිය කාන්තාව මරණයට හේතුව ඝාතනයක්දැයි සියදිවි හානිකර ගැනීමක්දැයි යන්න අනාවරනය කරගැනීම සඳහා මළසිරුර කිලිනොච්චිය මහරෝහලේ තැන්පත් කොට තිබේ.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මිය ගිය කාන්තාවගේ සිරුර යොමු කොට ඇති බවටද මෙම සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පවසා සිටියහ.

එම කාන්තාව මිය ගොස් සිටි ආකාරය පහතින්,

Rate this item
(0 votes)