April 20, 2024

බඩු මිල නිසා බන්දුල ඇන ගනී (VIDEO)

ඊයේ පැවති උත්සවයකින් අනතුරුව බඩු මිල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කේන්තියෙන් පිළිතුරු දී පිටව ගොස් තිබේ.

සතොස, සමුපාකාර වෙළඳසැල්වල නියමිත මිලට බඩු නැතැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට අමාත්‍යවරයා කේන්තියෙන් ගොස් මෙලෙස පිළිතුරු දුන්නේය.

"සතොසට සමුපාකාරයට යන්න ඕනේ.මොකද බඩු නැත්තේ? මාත් එක්ක යමු දැන්. එක එක්කෙනාගේ කොන්ත්‍රාත් කරන්න එපා සහෝදරයා" 

අමාත්‍යවරයා දිගින් දිගටම පැවැති මාධ්‍ය හමු වලදී මාධ්‍යවේදීන් නැගූ බඩු මිල ප්‍රශ්න වලට පිළිතුරු දුන්න ද එම මිල සතොස, සමුපාකාර වල නැති බව මාධ්‍ය මඟින් හෙළිදරව් කරන ලදී.

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අඩු මිලට සතොසේ බඩු නැති බව හා බඩු මිල ප්‍රශ්නය පිළිබඳව අවධානය යොමු කරමින් වෙළඳ අමාත්‍යවරයාට ඒ බව ප්‍රකාශ කර තිබේ.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මිට පෙර ද වෙළඳ අමාත්‍ය ධුරයේ කටයුතු කල අතර ඉන්පසු අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුනේ තමාට කල හැකි අමාත්‍ය ධුර 3ක් ගැන පමණි. ඒ අනුව වෙළඳ, අධ්‍යාපන සහ මුදල් යන අමාත්‍යංශ විෂයන්වල තමන්ට අමාත්‍ය ධූර දැරිය හැකි බවය.

අමාත්‍යවරයාගේ බලාපොරොත්තු කඩ කරමින් ඔහුට නැවත ලැබී ඇත්තේ වෙළඳ අමාත්‍ය ධුරයයි. 

පසුගිය කාලයේදී ඔහු දුන් පිළිතුරු අනුව ඔහු කලකිරීමෙන් පසු වන බවද දක්නට ලැබේ.

Rate this item
(0 votes)