March 29, 2024

අසත්‍ය පැමිණිලි කළ ස්විස් තානාපති නිලධාරිනියට අධි චෝදනා

2019  නොවැම්වබර් මස  තමන් ව පැහැරගෙන ගොස් හිරිහැර කළා  යැයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසත්‍ය පැමිණිල්ලක් කළ කොළඔ ස්විට්සර්ලන්ත තානාපති කාර්ශාලයේ සේවය කළ සේවිකාවක් වූ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් යන අයට කොළඔ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දෙනු ලැබීය. අද දින මෙම නඩුව කැදවූ අවස්ථාවේදී විත්තිකාර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් යන  අය උසාවිය හමුවෙි පෙනී සිටියාය . ඉන් අනතුරුව නීතිපතිවරයා  විසින් ගොනු කර තිබූ අධි චෝදනා පත්‍ර විත්තිකාරියට භාර දීමට කටයුතු කෙරිනි. විත්තිකාරිය පෙර ඇප මත මුදා හැරීමටත් නැවත නඩුව ජුනි මස කැඳවීමට තීරණය කළා . එදිනට විත්තිකාරියට අධි චෝදනා පත්‍ර කියවා දී නඩුව විභාගයට ගැනීමට නියමිතය. 

Rate this item
(0 votes)