April 25, 2024

කාන්තා දිනයේ දී කාන්තාවන් තිදෙනෙක් උපවාසයක

වන අලීන්ගෙන් වගා බිම් හා ජිවිත රැක ගැනීම පිනිස අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා සිදුකරන මාරාන්තික උපවාසය ආරම්භ කරනු ලැබුවේ ජනවාරි 18 වනදා යි . මෙම ප්‍රදේශයේ ගොවීන් පවසා සිටින්නේ 2012 වසරේදී හෙක්ටයාර් 32000ක් තිබූ රක්ෂිතය  මේ වන විට හෙක්ටයාර 15000 දක්වා අඩු වී ඇති බවයි. මෙම රක්ෂිතය ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශ 03 ක් ආවරණය වන  පරිදි පැතිර තිබෙනවා.  ඒ සූරියවැව, හම්බන්තොට සහ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්. වළව වම් ඉවුර ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන රැසක් එක් වී ආරම්භ කළ සත්‍යග්‍රහය  පසුගිය දා චමල් රාජපක්ෂ අමාත්‍ය වරයා මැදිහත් වී නවත්වනු ලැබුවත්  මෙම රක්ශිතය ගැසටි නොකිරීම නිසා වන විනාශය සහ තවත් ජාවාරම් දිගින් දිගටම සිදු වන අතර මෙ නිසා වල් අලින් සහ අනෙකුත් සතුන් ගම් වැදීම නිරන්තරව සිදු වන බවට  ගොවීන් චෝදනා කර සිටිති.   ජනවාරි මස ආරම්භ කළ  අඛණ්ඩ සත්‍යග්‍රහයෙන් විසඳුම් නොලැබුණු තැන ගොවීන් ඊයේ සිට දෙවන වරට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.ඊයේ දිනට යෙදී තිබුනු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මෙම මාරාන්තික උපවාසය වෙනුවෙන් කාන්තාවන් තිදෙනෙකු ද එක්වූ බව වාර්තා වේ.  

Rate this item
(0 votes)