April 24, 2024

රටම කම්පා කරමින් මිය ගිය තරුණියගේ අවසන් කටයුතු අද හෝ හෙට? - සහෝදරයාගෙන් ඉල්ලීමක්

SI නිලධාරියෙකු අතින් අවාසනාවන්ත ලෙස මිය ගිය කුරුවිට ප්‍රදේශයේ තරුණියගේ ඩි.එන්.ඒ වාර්තාවද නිකුත් කර ඇති බැවින් ඇයගේ අවසන් කටයුතු අද හෝ හෙට (10) දිනයේ සිදු කිරීමට ඇයගේ සහෝදරයා සහ ඥාතින් විසින් අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වෙයි.

තරුණියගේ හිසට සිදු වු දෙය පිළිබඳව සොයා ගැනීමට නොහැකි වීම නිසා ඇයගේ අවසන් කටයුතු කිරීම දිනෙන් දින ප්‍රමාද වෙමින් තිබුණි.

මිය ගිය තරුණියගේ සත්දින පින්කමද එම ප්‍රදේශයේ විහාරස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව කල් දැමීමට තරුණියගේ ඥාතීන් කටයුතු කර තිබුණි.

මිය ගිය තරුණියගේ සහෝදරයා වන කුරුවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ප්‍රභාත් ජයසුන්දර විසින් මෙරට දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර පවසා සිටියේ “මෙම නැගණිය ගැන දැඩි විශ්වාසයක් තිබූ නිසාත්, මම ඇය ගැන ලොකු අවධානයක් යොමු නොකිරීම නිසාත් මේ සිදුවීමට පහසුවක් වුණු බව මම දැන් විශ්වාස කරනවා. දැන් මම ප්‍රමාද වැඩි බව මටම තේරෙනවා..” යනුවෙනි.

ඔහු මේ බව කියා සිටියේ වේල්ලවීදියේ තරුණියගේ මරණය පිළිබඳව සහ මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයාගේ තොරතුරු ලබා දීමට වේල්ලවීදියේ පොලිස් ස්ථානධිපතිවරයාගේ සහ ශ්‍රී ලංකා පොලිස් හදිසි ඇමතුම් අංශයේ දුරකථන අංක ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව තමන්ගේ දියණියද, බිරිඳද අසා දුරකථන ඇමතුම් 200කට අධික ප්‍රමාණයක් ලැබිමේ පුවත වාර්තා වීමත් සමඟයි.

ඔහු ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ “මේ අතුරුදහන් වෙලා ඉන්නේ අපේ රටේම මගේ නැගණිය වගේ කාන්තාවන්. ඒ නිසා මේ අයටත් මොකද වුණේ ජීවතුන් අතර ඉන්නවාද කියලා ඉක්මණින් සෙවිය යුතුයි. නැත්නම් ඉදිරියේදීත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මෙය රුකුලක් වෙනවා. මෙම හැම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා තමනාගේ දුව ගැන භාර්යාව ගැන වැඩි අවධානයකින් සිටින ලෙස..” යනුවෙනි.

Rate this item
(1 Vote)

Related items