March 29, 2024

හිරේ ඉන්න රන්ජන් එක්ක සෙල්ෆි ගත් මන්ත්‍රීට වැඩ වරදී

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ ඡායාරූපයකට පෙනී සිටීම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමට දැනුම්දී තිබේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා මහතා විසින් රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේ මෙසේ තම ජංගම දුරකථනයෙන් පින්තූරයක් ගෙන ඇත.

බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා දැනුම් දී ඇත්තේ මේ සඳහා අවස්ථාව දුන් බන්ධනාගාර නිලධාරින් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරන්නේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා තම මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කරමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.

Rate this item
(0 votes)