April 25, 2024

2023 අධ්‍යාපන ක්ෂේත්‍රයේ තාක්ෂණ විප්ලව වසරයි

කොවිඩ් 19 සමග ඇතිවූ සමාජ වෙනස්වීම් සමඟ ඊට ගැළපෙන ආකාරයට අධ්‍යාපනය සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තියකට පැමිණ තිබෙන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කරයි.

ඒ අනුව අධ්‍යාපන කටයුතු සඳහා හැකිතාක් දුරට තාක්ෂණය යොදා ගැනීමට රජය තීරණය කොට තිබෙන බව පෙන්වා දෙන ප්‍රේමජයන්ත මහතා මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සූදානම් කොට තිබෙන බවද අනාවරණය කරයි.

2023 වන විට මේ රටේ ද්විතීක පාසල් 3000 ක් නිර්මාණය වන අතර ඒ පාසල් 3000ටම අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා ටෙලිකොම් හා මොබිටෙල් ආයතන සමඟ මේ වන විට ගිවිසුම් ගතව සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

එම ද්විතීක පාසල් 3000 වටා ප්‍රාථමික පාසල් පොකුරු බිහිකිරීමටත් දැනට සැලසුම් කරගෙන යන බවද පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ යටතේ මේ වර්ෂය අවසන් වන විට ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩිකිරීමටද පියවර ගන්නා බව පෙන්වා දෙයි.

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ විපක්ෂයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ටැබ් යන්ත්‍ර මඟින් පාසල් වල අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 March 2021 12:04