April 18, 2024

කළු ඉරිදා දේව මෙහෙයට රහසේ කුරාණයක් රැගෙන ආ කාන්තාව කොටුවෙයි

කටුගස්තොට සියඹලාගස්තැන්නේ රෝමානු කතෝලික දේවස්ථානයේදී පාස්කු ප‍්‍රහාරයට විරෝධය පාමින් පැවති කළු ඉරිදා දේව මෙහෙයට කුරාණයේ පිටපත් කීපයක් රැගෙන පැමිණි කාන්තාවක කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා. ඉංග‍්‍රීසි නමකින් පෙනී සිටි 53 හැවිරිදි මෙම කාන්තාව දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටියදී පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගෙන  ප‍්‍රශ්න කළ අවස්ථාවේ මෙම කාන්තාව තමාගේ සැබෑ නම හෙළිකර ඇති අතර එය මුස්ලිම් ජාතික නමකි.
අත්අඩංගුවට ගත් කාන්තාව කටුගස්තොට ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.   "ඒශියන් මිරර් " වෙබ් අඩවිය කළ විමසීමක දී කටුගස්තොට පොලිස්ථානාධිපති වරයා පවසා සිටියේ සියලුම දේවස්ථාන වල මේ වන විට බැතිමතුන් පිළිබඳව විමසිල්ලෙන් සිටීමට කණ්වායම් පත් කොට ඇති බවත් මෙම කාන්තාව ද එම කණ්ඩායමක් විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව පොලීසිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රශ්න කිරීමට කටයුතු තළ බවයි. මේ වන විට අදාල කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කොට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.කේ. රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ මහනුවර පොලිස් මූලස්ථානය සහ කටුගස්තොට පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන්  තවදුරටත් විමර්ශන සිදු කෙරෙයි.

Rate this item
(0 votes)