April 23, 2024

මොන කුණුහරපයක්ද මේ - අම්පිටියේ සුමනරතන හිමි හඩා වැටෙයි (VIDEO)

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව හරහා බෞද්ධ සමාජයටද දැඩි පහරක් එල්ල වී ඇතැයි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසයි.

මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මාධ්‍ය හමුවක් අමතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම් සභා වාර්තාව පිළිබඳව අදහස් පල කරනු ලැබිය.

411 වෙනි පිටුවේ ලියවිලා තියෙනවා අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ක්‍රියාවලිය. දිගන තෙල්දෙණිය සිද්ධියට වෙනම කොමිසමක් පත් කරන්න ඕනේ. මෙතන නුවර යන්නේ මම ඥාතියෙකුගේ මල ගෙදර. දෙයි හාමුදුරුවනේ මේකට ගියා කියලා මෙහෙම නීති පනවනවා නම් අර බෝම්බ ගහන්න ආපු අය කෝ? දෙයි හාමුදුරුවනේ මම බණ කියන එක වැරදිද? මොන කුණුහරපයක් ද මේ? මම 30 අවුරුදු යුද්ධයකට මුහුණ දීපු භික්ෂුවක්. භික්ෂුවක් හැටියට මම වගකීමෙන් කියනවා මේ අහිංසක ජනතාවට පාස්කු ප්‍රහාරයට මුහුණ දුන්න කතෝලික ජනතාවට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය පමණයි. ස්වර්ගය පමණයි. ඊට වඩා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ කෙහෙල්මල් පාස්කු වාර්තාව ඒ පත් කරපු මිනිස්සුත් වැරදිකාරයෝ කරලා තියෙනවා නම් අපි වගේ කැලේ ඉන්න අහිංසක මිනිස්සු වැරදිකාරයෝ කරලා හෙට අනිද්දට සිරගත කලාට පස්සේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙන්නේ කියන එක ගරු ජනාධිපතිතුමාගෙන් මම අහනවා."

එම වීඩියෝව පහතින්,

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 March 2021 10:01