March 28, 2024

බන්ධනාගාරයේ සිටින පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට සැප දෙන්න ලොකු අල්ලසක්

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රදවා සිටින මොහොමඞ් ඊබ‍්‍රාහිම්ගේ පුත‍්‍රයකු ඇතුළු තිදෙනකුට පහසුකම් සැලසීම සදහා බන්ධනාගාර අධිකාරිවරයාට අල්ලස් ලබා දීමට උත්සාහ ගත් බන්ධනාගාර ජෙලර්වරයකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වනවා .

මෙම ජෙලර්වරයා අතරමැදියකු ලෙස කටයුතු කරමින් මෙසේ බන්ධනාගාර අධිකාරිවරයාට රුපියල් ලක්‍ෂ පහක අල්ලසක් ලබාදීමට සාකච්චා කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පාලන හා පුනරුත්ථාපන මෙන්ම බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසා තිබෙනවා.

මොහොමඞ් ඊබ‍්‍රාහිම්ගේ එක් පුත‍්‍රයකු පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී මරාගෙන මැරෙන ඝාතකයකු ලෙස බෝම්බ පුපුරුවා ගනිමින් මරණයට පත්වූ අතර අනෙක් පුත‍්‍රයා ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව බන්ධනාගාරගත කෙරිණි.

මොහොමඞ් ඊබ‍්‍රාහිම්ගේ පුත‍්‍රයාට සහ අනෙකුත් දෙදෙනාට සුඛෝපභෝගී අන්දමට බන්ධනාගාරය තුළ රැු`දී සිටීම ස`දහා පහසුකම් සැලසීම වෙනුවෙන් අධිකාරිවරයාට රුපියල් ලක්‍ෂ පහක අල්ලසක් ලබාදීමට යෝජනා කළ ජේලර්වරයා එම මුදල ප‍්‍රමාණවත් නොවේ නම් එය තවත් වැඩි කර දිය හැකි බවද පවසා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා විසින් බන්ධනාගාර මූලස්ථානයට දැන්වීමෙන් පසුව සිදු කළ පරීක්‍ෂණයකින් අනතුරුව මෙම ජේලර්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

දෙවන පෙළ ජේලර්වරයකු වන වැඩ තහනමට ලක්වූ අය මීට පෙරද බන්ධනාගාර රාජකාරි අතරතුරදී රැු`දවියන්ට තහනම් ද්‍රව්‍ය ගෙනවිත් දීම ඇතුළු විනය විරෝධී සහ නීති විරෝධී කටයුතු රැුසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයකු බව වාර්තා වනවා .

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 09 March 2021 06:55