March 29, 2024

හිරේ ඉන්න රන්ජන් දේශපාලනඥයෙකු එක්ක සෙල්ෆි ගහලා - සිරගෙදර ජීවිතය ගැනත් කියයි (PHOTOS)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින ජායාරූපයක් පළමු වතාවට සමාජ මාධ්‍ය ජාලාවන්ට යොමු වී තිබේ.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා රන්ජන් රාමනායක මහතාගේ සුව දුක් විමසීමට ගිය අවස්ථාවේ ගන්නා ලද සෙල්ෆී ජායාරූපයකි.

එහි මෙසේද සදහන්ව තිබිණ.

සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිතවත් දේශපාලන සඟයා රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද දින අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට යන්නට මා හට අවස්ථාවක් ලැබුණි.

එම අවස්ථාවේදී මේ වන විට ඔහු ගත කරමින් සිටින බන්ධනාගාර ජීවිතය පිළිබඳව යමක් වටහාගන්නට මා හට හැකි විය.

මේ විට ඔහුට ජීවිත අවදානමක් පවා ඇති බව මට පමණක් නොව සාධාරණව සිතන පතන ඔබ කාටත් වැටහෙන කරුණකි.

කෙසේ වෙතත් හිතවත් දේශපාලන සඟයාණනි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වගකීමක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුලත් ඉන් එපිටත් ඔබ වෙනුවෙන් හඩක් නගන්නට මා කිසිවිටකත් පසුබට වන්නේ නැත

May be an image of 2 people and indoor

Rate this item
(0 votes)