March 28, 2024

විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
 
ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (08) අභාවප්‍රාප්ත වු බව ඥාතීන් පැවසීය.

මිය යන විට ඇය 86 වන වියේ පසුවිය.

නිවසේදී සිදුවූ ඇදවැටීමකින් පසුව රෝහල් ගතකරන ලද ඇය දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. 

ඇය දරුවන් තිදෙනකුගේ මවකි.

ඇය නැටුම් ශිල්පී පණීභාරතයන්ගේ ශිෂ්‍යාවකි. එහෙත් විවාහයෙන් පසුව ඇය අමරදේවයන් වෙනුවෙන්ම කැපවූවාය.

දේහය හෙට (09) පෙරවරු 8.30 සිට පස්වරුව දක්වා බොරැල්ල, ජයරත්න මල්ශාල‍ා‍වේ ප්‍රභූ අංශයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබේ.

Rate this item
(0 votes)