April 19, 2024

අධික වේගය නිසා ටිපර් රථයේ ගැටුණු යතුරුපැදිකරු (CCTV)

අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ටිපර් රථයක ගැටෙන ආකාරය සිසිටීවි කැමරාවල සටහන්ව තිබුණි.

ඊයේ (07) දින උදැසන 11 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් දික්ඔය නගරයේදිය.

ගැටිමෙන් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් සිට දික්ඔය දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් නොර්වුඩ් සිට හැටන් කුඩාගම දක්වා ධාවනය වු ටිපර් රථයක ගැටි මෙම අනතුර සිදු වි ඇත.

යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය වු නිසා යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව යතුරුපැදිය ඉදිරියට ධාවනය වෙමින් තිබු ටිපර් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.

අනතුර සිදු වන ආකාරය දික්ඔය නගරයේ පල්ලියක ආරක්ෂිත කැමරා දත්ත වල සටහන් වි තිබුණේ පහත ආකාරයටයි,

Rate this item
(0 votes)