April 20, 2024

හිටපු හමුදාපතිවරයෙකුගෙන් විශ්‍රාම ලැබූ හමුදා නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

යුද්ධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන්ගේ ඉදිරි සැලසුම් සඳහා අවශ්‍ය පරිසරය සකස්කර දීමේ අරමුණින් ඔවුන්ගේ කුසලතා, මෙහෙයුම් හා පරිපාලන කටයුතු සහ අත්දැකීම් අනාගත අපේක්‍ෂාවන් සඳහා වැඩිදියුණු කිරිම වස් හිටපු යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) ගේ සංකල්පයකට අනුව අන්තර් මහද්වීපික මානව සම්පත් කළමණාකරන ආයතනය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය හා ඒකාබද්ධව පසුගියදා ඇක්සස් ටවර් (ACCESS Tower) හීදි විශේෂ පාඨමාලාවක් ආරම්භ කරන ලදී.
 
මෙම පාඨමාලවේ පළමු අදියර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අනුග්‍රහය ඇතිව යුද, නාවික, ගුවන් හමුදාවන්හී සේවය කර විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සහභාගීත්වයෙන් පැවැත්වූහ.
ග්‍රීන්කාඩ් සුදුසුකම් සදහා හමුදා ව්‍යවසායකත්ව සහයෝගිතාවය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සඳහා මෙම පාඨමාලාව පවත්වන ලදී.
 
මෙම පාඨමාලාව තුළින් සාමූහික සහ සාදාචාරාත්මක මානව සම්පත් කළමණාකරනය සහ න්‍යායපත්‍ර ක්‍රියාවට නැංවීමේ ප්‍රතිපත්තීන්, උපායමාර්ගික චින්තනය, මානව සම්පත් කළමණාකරනය, නවීන තාක්‍ෂණය භාවිතා කිරීම, ක්‍රියාකාරි කළමණාකරනය සඳහා කාර්යක්‍ෂම හා ඵලදායිතාවයෙන් යුතුව දැනුම භාවිතා කිරීම පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම සිදුකරයි.
 
ඒ අනුව, මෙම පාඨමාලාවේ පළමු අදියර සඳහා විශ්‍රාමික මේජර් ජෙනරල්වරුන් 18ක්, එයාර් වයිස් මාර්ෂල්වරුන් දෙදෙනෙකු, රිය(ර්) අද්මිරාල්වරුන් තිදෙනෙකු සමගින් කොමදෝරුවරුන් දෙදෙනෙකු, සහභාගි වූහ. 
Rate this item
(2 votes)