April 24, 2024

සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ට මඩ ගැහුවොත් වැඩ වරදී - ආරක්ෂක ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්

විවිධ සමාජ මාධ්‍ය භාවිත කරමින් කාන්තා ප්‍රතිරූපයට හානි කරන පුද්ගලයින්ට එරෙහිව සහ එවැනි ගැටළු වලින් පීඩාවට පත්වී සිටින කාන්තාවන්ගේ ගැටලු සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ශ්‍රී ලාංකීය වීර කාන්තාවන්ගේ උදාර සේවය ඇගයීම සඳහා ඊයේ (07) කොළඹ ලක්‍ෂමන් කදිරගාමර් ආයතනයේ දී පැවති ‘අභිමන් ලිය’ වැඩසටහනයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර ඇත.

සමාජයේ පිළිගත් සහ සමාජයට විවිධ මෙහෙවර කරන කාන්තාවන් හට සමාජ ජාල මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍යයන් ඔස්සේ මඩ ප්‍රහාර එල්ලවීම වර්තමානයේ ඉතාම සුලබ දර්ශනයක් වී ඇති බැවින් ඒ සඳහා ඉතාම වගකීමෙන් සහ ක්ෂණිකව තීරණ ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)