April 19, 2024

මේ ඉන්දියාව කියපු භාරතීය ජනතා පක්ෂයද? වෙන එකක්ද?

භාරතීය ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඇති බව වාර්තා වේ.

ඒ බැව් යාපනය මාධ්‍ය සමාජය බැනරය යටතේ පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කොට තිබේ.

භාරතීය ජනතා පක්ෂයේ නායකයා ලෙස එම්.මුත්තුසාමි මහතාත් මහ ලේකම්වරයා ලෙස එම්.ඉන්ද්‍රජිත් මහතාත් පත් වී තිබේ.

පක්ෂයේ මහ ලේකම්වරයා සඳහන් කරන්නේ මෙම භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය සමග සම්බන්ධයක් නොමැති බවය.

ඉදිරියේදී නව දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වෙන මෙම භාරතීය ජනතා පක්ෂය උතුර, නැගෙනහිර හා කොළඹ මූලික කොටගෙන දේශපාලන කටයුතු වල නියැලීමට බලාපොරොත්තු වන බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 March 2021 15:53