April 20, 2024

ගඟෙත් නැති ළිඳෙත් නැති තරුණියගේ හිසට වුණු දේ ගැන අලුත්ම හෝඩුවාවක් හමුවෙයි

වේල්ලවීදියේ තිබී හමු වූ හිස නොමැතිව මිය ගිය තරුණියගේ හිස සොයා කරන ලද පරික්ෂණ වෙනත් මඟකට යොමුව තිබේ.

තරුණියගේ හිස සොයා කැලණි ගඟ දෙපස ඉවුරේ සහ තරුණිය ඝාතනය කිරීමට සම්බන්ධ උප පොලිස් පරික්ෂකවරයාගේ නිවසේ ඇති ළිඳක් ආශ්‍රයෙන් පරික්ෂණ සිදු කළත් එයින් සාර්ථක ප්‍රතිඵලයක් අත් නොවුණි.

එවන් පසුබිමක තරුණියගේ හිසට සිදු වූ දෙය පිළිබඳව නවතම හෝඩුවාවක් ලැබී තිබේ.

තරුණියගේ හිස සොයා පරික්ෂණ කරන කොළඹ සහ මොණරාගල විශේෂ පොලිස් කණ්ඩායම් විසින් මේ වන විට සැක පළ කරන්නේ අදාළ පොලිස් නිලධාරියා විසින් තරුණියගේ හිස ගිනි තබන්නට ඇති බවයි.

මිය ගිය පොලිස් නිලධාරියාගේ දියණියගෙන් ලබා ගත් කට උත්තරයක් අනුව පොලීසියට ආනවරණය වී තිබුණේ අදාළ නිලධාරියා විසින් ඝාතන සිදුවීමෙන් පසු මධ්‍යම රාත්‍රීයේ දී නිවස වෙත පැමිණි බවත් ඉන්පසුව ආහාර ගෙන ඇති බවත්ය.

එමෙන්ම ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ ඇයගේ පියාගේ කිලිටි ඇඳුම් සිය නිවසේ නානකාමරයේ බේසමක තිබී හමු වූ බවත් නමුත් පසුදිනයේ ඒවා එම ස්ථානයේ නොතිබුණු බවත්ය. 

මෙම කට උත්තරය අනුව පොලීසිය සැක පළ කරන්නේ ඝාතන සිදුවීම කළ නිලධාරියා විසින් එදිනම රාත්‍රීයේ කිසිවෙකුටත් නොපවසාම නිවසෙන් ගොස් ඇති බවත් එලෙස නිවසින් පිට වූ පොලිස් පරික්ෂකවරයා විසින් තමන්ගේ වැඩිමහල් පුත්‍රයා වෙනුවෙන් ඉදි කරමින් ඇති නිවසට ගොස් කිලිටි ඇඳුම් සහ තරුණියගේ හිස ගිනි තබන්නට ඇති බවයි.

මේ වන විට එම ඇඳුම් සහ හිස රැගෙන ආ බවට සැක පළ කරන බෑගය ගිනි තැබූ ස්ථානය පොලිස් පරික්ෂක කණ්ඩායම විසින් සොයා ගෙන ඇති අතර හිස කොටස සොයා පරික්ෂණ දිගටම ක්‍රියාත්මක වෙයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 March 2021 14:42

Related items