April 18, 2024

පොලිස් නිලධාරියාගේ විකෘති ආශාවන් නිසා 26 හැවිරිදි තරුණියක් සිය දිවි නසා ගනී - මවක් සංවේදීව කළ හෙළිදරව්ව (VIDEO)

තවත් පොලිස් නිලධාරියෙකු නිසා තරුණියකට සිය ජීවිතය අහිමිව තිබේ. මෙලෙස ජීවිතය අහිමිව තිබෙන්නේ  සීදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි ආර්.එල්. චන්ද්‍රා ප්‍රභා නම් තරුණියකි. 

ග්‍රෑන්ඩ්පාස් පොලීසියට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් නිලධාරියා සමඟ මෙම තරුණිය සම්බන්ධයක් ඇති කරගෙන තිබෙන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහාය.

මාස 06ක් පැවැති මෙම සම්බන්ධය පසුව ප්‍රේම සම්බන්ධයක් දක්වා දුර දිග ගොස් ඇති අතර තරුණියට පොලිස් නිලධාරියා විසින් විවාහ යෝජනාවක් ද ඉදිරිපත් කර තිබුණි. 

එහිදී තරුණිය විසින් පවසා ඇත්තේ අවුරුද්දක කාලයක්වත් ආශ්‍රය කිරීමෙන් පසුව විවාහ විය යුතු බවයි. 

ඉන් පසුව අදාළ නිලධාරියා විසින් තුවක්කුවක් ගෙන තම හිසට තබාගෙන විවාහ විය යුතු බවට තරුණියට තර්ජනය කර ඇති බවත් පසුව ඔවුන් විවාහ වූ බවත් මිය ගිය තරුණියගේ මව විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියාය. 

“දෙන්නා අතර දිගින් දිගටම ප්‍රශ්න තිබුණා. දුවට මං එක්ක කතා කරන එක තහනම් කරලා තිබුණා. දුව ඊට පස්සේ වට්ස්ඇප් කෝල් හරහා කිව්වා අම්මේ මට මෙයා දසවද දෙනවා කියලා.. විවාහයෙන් පස්සේ හතර වතාවක් එයා පෙති බීලා තිබුණා.. මේ හතර වෙනි වතාවේ තමා දුව මැරුණේ….” යැයි මිය ගිය තරුණියගේ මව විසින් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ සිටියාය.

එමෙන්ම මෙම අදාළ සැකකාර පොලිස් නිලධාරියා විකෘති ආශාවන්ගෙන් පෙළුණු පුද්ගලයෙකු බවටද තරුණියගේ මව චෝදනා එල්ල කර සිටියි එහිදී ඇය කියා සිටියේ “මෙයා නිකන් මානසික විදිහට විකෘති ආශාවන් පස්සේ ගිය පුද්ගලයෙක්.. ඒ කියන්නේ දරුවට ගහපු ගොඩාක් පාරවල් තැලීම් පාරවල් එහෙම නංගීට පෙන්නලා තියෙනවා.. යාළුවන්ට පෙන්නලා තියෙනවා..ඒ ඔක්කොම සාක්ෂි මං ළඟ තියෙනවා..”

ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 24 වැනිදා දිගින් දිගටම එල්ල වූ පීඩනය හමුවේ සියදිවි හානිකර ගෙන තිබේ. 

තරුණියගේ මරණයෙන් පසු සිදු වූ පොලිස් පරික්ෂණවලදී සැකකාර පොලිස් නිලධාරීයා සතුව තිබී මත්ද්‍රව්‍ය ද සොයා ගෙන තිබේ.

මෙම මිය ගිය තරුණියගේ මව වැඩිදුරටත් පවසා සිටියේ මරණ තර්ජනද එල්ල වී තිබෙන අතර ඇය විසින් ඒ සම්බන්ධව පැමිණිලි කළත් එයට නිසි ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබුණු බවද ඇය පවසා සිටියා.

“මට මරණ තර්ජන තියෙනවා කියලා මම සීදුව පොලීසියේ පැමිණිල්ලක් දැම්මා..නමුත් කිසිම විභාගයක් වුණේ නැහැ..එයාව ගෙන්නුවෙත් නැහැ..සීදුව පොලීසියේ ස්ථානධිපතිවරයා මට කිව්වා ඉහළට යන්න එපා කියලා මං ගිය වෙලාවේ.. මාස 2ක් වෙනවා මං පැමිණිල්ල දාලා.. මේ වෙනකන් කිසිම විමර්ශන කටයුත්තක් නැහැ.. මට අහන්න තියෙන්නේ මෙයා පොලිස් නිලධාරියෙක් හින්දාද මෙහෙම දෙයක් වුණේ.. මේ වගේ දේවල් පොලිස් නිලධාරීන්ට හංඟගෙන කරන්න පුළුවන්ද කියලා..”

මිය ගිය තරුණියගේ මව හෙළි කළ සම්පුර්ණ කතාව පහතින්,

Rate this item
(0 votes)