April 20, 2024

ශ්‍රී ලාංකික නීතිඥවරියක් ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට

ශ්‍රී ලාංකික නීතිඥවරියක හා ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමන ජාත්‍යන්තර ධෛර්යමත් කාන්තා සම්මානයෙන් පිදුම් ලැබුවන් අතරට එක්ව තිබේ.

සම්මාන ප්‍රධානෝත්සවය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (08) පැවැත්වීමට නියමිත ය.

ලොව පුරා ධෛර්යමත් කාන්තාවන් ඇගයීමට පත් කිරීම සදහා මෙම සම්මාන උළෙල පැවැත්වෙයි.

ඒ අනුව මෙම ලාංකික කාන්තාව සමඟ බෙලරූස්, මියන්මාරය, කැමරූන්, චීනය, කොළොම්බියාව, කොංගෝ රාජ්‍යය, ගෝතමාලාව, ඉරානය, නේපාලය, සෝමාලියාව, ස්පාඤ්ඤය, තුර්කිය හා වෙනිසියුලාව යන රටවල් වලින් තෝරා ගනු ලැබූ ධෛර්යමත් කාන්තාවන් 14 දෙනෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ , රනීතා ඥාණරාජා මහත්මිය තර්ජන හා අභියෝග මධ්‍යයේ වුව ද රටේ ආන්තික හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් වදින හා ඔවුන් ආරක්ෂා කරන නීතිවේදිනියක් බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 March 2021 11:28