April 20, 2024

සංගා සම්බන්ධ යැයි කියන ඉඩම් ප්‍රශ්නයට මැදි වූ ග්‍රාමසේවකගේ වැඩ තහනම්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතාගේ බිරිද සම්බන්ධයෙන් වාර්තා වන ඉඩම් ගනුදෙනුවට අදාල කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා උපදෙස් ලබා දී ඇත.

එම සිදුවීම පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණයෙන් පසුව එම ප්‍රදේශය භාර ග්‍රාමසේවක නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව ද වාර්තා වෙයි.

මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දී තිබේ.

ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ දරුවෙකු මහනුවර උසස් පාසලකට ඇතුලත් කිරීම සඳහා සංගක්කාර මැදිහත් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 March 2021 11:18

Related items