March 29, 2024

අලුත් දේශපාලන ව්‍යාපාරයක් : 2024 දී ආණ්ඩුවක් හදන හැටි රනිල් කියයි (VIDEO)

තමන් එක්සත් ජාතික පක්ෂයේ රජයක් 2024 දී පිහිටුවීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

තමන් මෑතකදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා බෙන්තොට හෝටලයේ දී හමුවී සාකච්චා කල බවත් දෙදෙනා එක්ව දිවා ආහාරයද බවත් තවදුරටත් සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පල කරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ තමන් ඒ පිළිබඳ ව කිසි දෙයක් නොදන්නා බවත් තමන් ආරක්ෂක කවුන්සිලයට පවා එම දිනවල කැඳවූයේ නැති බවත්ය.

මේ දිනවල තමන් විවේකයෙන් netflix චිත්‍රපට බලමින් සිටින බවත් ඉදිරියේදී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සූදානම් බවත් පවසයි.

ආණ්ඩුව පත් කිරීමට ඡන්දය දුන් ජනතාවටම දැන් ආණ්ඩුව එපා වී ඇති බවද පවසන ඔහු මේ වන විට රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය නම් හොඳ රටක් ජනතාවට හදා දෙන බවත් කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(5 votes)