April 19, 2024

තලවකැලේ නගරයේ මත්පැන් අලෙවිසැලක කලමණාකරුවෙකුට කොවිඩ් වෛරසය අසාදනය වෙයි

තලවකැලේ නගරයේ මත්පැන් අලෙවිසැලක කලමණාකරුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (06) දින තහවුරු විම නිසා එම මත්පැන් අලෙවිසැල  වසා දමා එහි සේවකයින් සියළු දෙනා ස්වයං නිරෝධානයට යොමු කල බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති එස්.භාරතිදාසන් මහතා පැවසිය.

අසාදිත කලමණාකාරවරයා මිට දින කිහිපකට ප්‍රථම කොළඹ ප්‍රදේශයට ගොස් ආපසු තලවකැලේ නගරයට පැමිණ ඇති බවත්, ඔහුට කොවිඩ් රෝග ලක්ෂ මතුවිම නිසා සිදු කල PCR පරික්ෂණ වාර්තා අනුව එම කලමණාකාරවරයාට වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා කියා සිටියේය.

අසාදිතයා තලවකැලේ නගරයේ පිහිටි ශරිරික සුවතා මධ්‍යස්ථානයකට ගොස් ඇති බවට තහවුරු වි ඇති බවත්, එම ශාරිරික සුවතා මධ්‍යස්ථානයද විෂබිජහරණය කර එම ශාරිරික සුවතා මධ්‍යස්ථානයට පැමිණි පිරිස ස්වයං නිරෝධානයට යොමු කරන බවත්, මත්පැන් අලෙවිසැලෙන් මත්පැන් මිලදි ගත් සියළු දෙනා සොයා එම පිරිසද ස්වයං නිරෝධානයට යොමු කරන බවත්, තලවකැලේ නගරය සම්පුර්ණයෙන්ම විෂබිජහරණයට ලක් කරන බවද තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා පැවසිය.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)