April 19, 2024

“අපි සියලු දේට මුහුණ දිය යුතුයි“ - පාස්කු චෝදනා ගැන මෛත්‍රී පළමුවරට කතා කරයි

මහා ධනසම්පත් තිබෙන තාක්ෂණයෙන් ඉහළ අමෙරිකාවට එල්ලවූ අල් කයිඩා ප්‍රහාරය ගැන සති දෙකකට කලින් තොරතුරු ලැබී තිබුණත් දහස් ගණනකගේ ජිවිත අහිමිවූ ප්‍රහාරය වළක්වා ගැනීමට ඔවුන්ට නොහැකිවූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරනු ලබන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් වීමෙන් පසු පළමුවරට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

“අපේ හාමුදුරුවනේ මට තේරෙන විදිහට සමාජයේ ජීවත්වෙන මිනිසුස් දිහා බලනකොට මිනිස්සුන්ට ඉරයි හදයි අල්ලන්න බැරි නිසා ඒ දෙක ඉතුරු වෙලා තියෙනවා.  ඉරයි හදයි අල්ලන්න පුළුවන් වුණානම් ඒ දෙක තියන්නෙත් නෑ. මිනිස්සුන්ට අවශ්‍ය දේ මිනිස්සු විනාශ කරනවා. මම වැඩි දීර්ඝව කතා කරන්නේ නෑ. විශේෂයෙන් අපි සියලු දේට මුහුණ දිය යුතුයි. එඩිතරව මුහුණ දිය යුතුයි. අධිෂ්ඨානශීලීව ආත්මඅභිමානයෙන් ආත්මශක්තියෙන් අපේ රට අපේ භාෂාව අපේ ජාතිය අපේ ආගම අපේ බෞද්ධ සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා සැමවිටම දිවිහිමියෙන් කටයුතු කළ යුතුයි.“

පාස්කු වාර්තාවෙන් වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපිතීවරයාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකිදැයි සොයා බලන ලෙස නිර්දේශ කර තිබිණ.

Rate this item
(2 votes)