April 20, 2024

පාස්කු ප්‍රහාරය වෙනකොට අපි බලයේ හිටියේ අපි වගකීම බාර ගන්නවා - සජිත් කියයි

තමාද සිටි රජය බලයේ තිබියදී සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගැනීමට තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ අද බූන්දල පැවති 52 වැනි විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනට එක්වෙමිනි.

එම වගකීමෙන් පළා යෑමට සූදානම් නැති බවද විපක්ෂ නායකවරයා පැවසී ය.

"පාස්කු ප්‍රහාරය සිදු වූ කාල වකවානුව තුළදී අපේ රජය තමයි බලයේ හිටියේ. ඉතින් මේ අවස්ථාවේ එහි වගකීම අපි භාර ගන්නවා. වගකීම්වලින් අපි පැනලා යන්නේ නෑ," යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)